පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

අපේ මාමගේ මල් වගාව

මම මුලින්ම SBU එකේ අයගෙන් සමාව ඉල්ලන්න කැමතියි. මොකද මෙම ලිපිය මම සකසමින් ඉන්න කොට මගෙ අතින් වැරදිලා publish වුනා. නමුත් ඒකෙ කිසිවක් අන්තර්ගත වෙලා තිබුණෙ නැහැ. (ඒවෙලාවෙම ඒක සකස් කිරීමට නොහැකි වුනේ ලයිට්ගිය නිසා)
මේ තියෙන්නෙ අපේ මාම කෙනෙක්ගෙ සරුවට වැඩුණු ජර්බරා‍ වගාවකින් මගේ කැමරාවේ සටහන් වුණු වර්ණවත් මල් කිහිපයක්.


සහජීවනය

මේ ඡායා රූපය මට ලැබුණේ Group එකකින් ලැබුණු ඊමේල් එකකින්. මේක ඉන්දියාවෙ දුම්රිය මැදිරියකදි ගත්ත ඡායා රූපයක්.

වැරදීමෙන් උපදින කලාව

මේ ඡායා රෑපය පසුගිය දිනක දඹුලු ගිය අවස්ථාවක මා විසින් ගනු ලැබූවක්. මා මෙහිදී නාභිගත කිරීමට උත්සාහ කළේ පසෙකින් සිටින රිලා පවුල. නමුත් වැරදීමෙන් නාභිගතවී තිබෙන්නේ කම්බි දැල. ඒකෙත් එක්තරා රටාවක් තිබෙන බව ටිකක් ඒ දෙස බලාසිටින විට පෙනෙන බව දැනුනු නිසා මෙයද POST කිරීම සුදුසු බව මට හිතුනා.


රිලව ද? කම්බිදැල ද?

බෝගන්විලා මල

බෝගන්විලා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල් ප්‍රමාණයක ඉතා ජනප්‍රිය කටු සහිත පඳුරැ ශාකයක්. මේකෙ දම් පාටින් තියෙන්නේ සාමාන්‍ය මලක යටින් කොළ පාටට පේන්න තියෙන මනිපත්‍ර. මැද තියෙන කහ පාට කොටස තමා මල.

ළඟදී පේරාදෙනිය මල් වත්ත පැත්තෙ ගිය වෙලාවක තමා මේ ඡායා රෑප මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට සටහන් කරගත්තේ.


වෙසක් පෝදින මහියංගන චෛත්‍යය

මේපාර වෙසක් එකට අපි මහියංගනයේ යන්න තීරණය කළේ හදිස්සියෙමයි. මේ ෆොටෝ එක ගන්නකොට හවස 6.00ට විතර ඇති.



මේ ලයිට් දාන්න කළින්



මේ ලයිට් දැම්මට පස්සෙ

කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්?

පහත රූපය දිහා හොඳට බලන්න. මේක එංගලන්තයේ මොන්ටි සෝරි ළමයින්ට දීපු පොඩි බස් ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි මේ බස් එක මොන දිශාවටද ගමන් කරන්නෙ? කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්? (ළමයින් ගෙන් 90%ක්ම එකම උත්තරයක් දීල තිබුණෙ.)

කොහොමද කෑම.... අති විශිෂ්ඨයි???

මම හිතන්නෙ මේ නම් ශ්‍රී ලංකාවෙ වෙන්න බැහැ. මොකද ශ්‍රී ලංකාවෙ කැන්ගරැවො නැහැනෙ. මේ ඡායා රෑප වල ඉන්නෙ කැන්ගරැවෙක්ව ගොදුරක් කරගන්න තඩි පිඹුරෙක්. මට මේ ඡායා රෑප ලැබුනෙ මගෙ යාළුවෙක්ගෙන්.කොහොමද කෑම.... ???







කට්ටත් එක්ක බෙල්ලො කාල තියෙනවද ?



ඇත්තටම මේ මොනවද? බැලු බැල්මටනම් පේන්නෙ සිප්පිකටු, එහෙම නැත්තන් බෙල්ලො වගේ නේද? හැබැයි මේ තියෙන්නෙ චොකලට්. සත්තුන්ගෙ රෑප විදිහට හදල. මේව අරන් තියෙන්නෙ මැලේසියාවෙන්. චොකලට් හින්ද ඉතින් නොකා ඉන්නත් බෑනෙ. ඒ උනාට මේවගේ ලස්සනට සත්තුන්ගෙ රෑප කෑම ජාතිවලට දාන එක මට නම් අනුමත කරන්න බෑ.


මෙන්න යුරෝ (දැකල නැති අයට)



මේ තියෙන්නෙ යුරෝ 1 හා 2 කාසි (ඊට යටින් තියෙන්නෙ නම් මගෙ අත :))
රෑපෙ තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මානව රෑපයක්. ඒකෙන් මානවයාගේ ශරීරයේ සමබරතාවය නිරෑපනය කර තිබෙනවා. අපේ අයිය ඉතාලි යන්න ගුවන්තොටුපළට ගියවෙලාවෙ තමයි අපේ රැපියල් මේවට මාරැ කරගත්තෙ.


පහළ ඒව නම් වැඩිය පැහැදිලි නැහැ. ගනන් ගන්න එපා. මොනව උනත් යුරෝ නෙ.





යුරෝ කියන්නෙ යුරෝපීය සංගමයට අයත් රටවල් වලින් 16ක් නිල වශයෙන් භාවිතා කරන මුදල් වර්ගය. වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලාගන්න පුළුවන්. යුරෝ විස්තර

මෙහෙම ඔරලෝසුවක් දැකල තියෙනවද?


‍දැන් කාලෙ ගොඩ දෙනෙක් ඔරලෝසු භාවිතා කරනව(වෙලාවට වැඩ නොකළට). ඔය කවුරැ කවුරැත් මෙහෙම ඔරලෝසුවක් දැකල තිනයනවද? 9 ඉලක්කම කීප වතාවක් භාවිතයෙන් ක්‍රමාංකනය කරල තියෙන බව පේනවනෙ. වෙලාව බලලම පුරැදු වෙලා හින්ද හොඳයි. නැත්තම් ඉතින් ගාන සුළු කරල ඉන්නකොට ආයෙ ගානක් හදන්න තමා වෙන්නෙ. මේක මට හම්බුනේ යාළුවෙක් එවපු ඊමේල් එකකින්.

Toyota Vios කතා වස්තුව



මම දන්න කොම්පැණියක MD කෙනෙක් එ‍යාගෙ විශ්වාසවන්තම යාළුවෙක් අධ්‍යක්ෂ කෙනෙක් කරල රෑපෙ තියෙන Toyota Vios එකත් දීලම වැඩට ගත්ත. මෙයත් ඉතින් කොහොම කොහොම හරි බොසාගෙත් හිත දිනාගෙන සේවකයන්ගේත්, ආයතනයෙත් උන්නතියට වැඩ කරගෙන කාලයක් හිටිය. මෙහෙම ඉන්නකොට එක දවසක් උදේම සේවකයන්ට දැනගන්න ලැබුනෙ අදාළ පුද්ගලයව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයෙන් අස් කරල කියල. (හේතුව වුනේ ආයතනයේ පහළම සේවකයන්ගෙ පඩියෙ සුළු කොටසකට කාලයක් තිස්සෙ වගකීම.) බොසාගෙ නඩු විභාග කිරීමෙදි මෙයාගෙ තව තව සෙල්ලම් හෙළි වෙලා තියෙනව. ඒව මම මෙතන කියන්න යන්නෙ නැහැ. කොහොම හරි යාළුකම හින්ද පොලීසි නොගිහින් ජොබ් එකෙන් විතරක් එළියට දාල, පස්සෙ යාළුකමෙනුත් එළියට දැම්ම කියලයි ආරංචිය. දැන්නම් මේ Toyota Vios එකත් විකුණල දාල.

අදාළ පුද්ගලය ඒ ආයතනයේ වැඩකට දවසක මාවත් මේකෙ දාගෙන ගියා. ඒ වෙලාවෙ තමයි මේ ෆොටෝ එක ගත්තෙ. කොහොම හරි Toyota Vios ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගන්න.

ගොඩබිම යන බෝට්ටු ?

ඇත්තටම මේ බෝට්ටුව ගොඩබිමද යන්නෙ?



නෑ... නෑ...
මේ පසුගියදා(2009 මුල) කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රදර්ශණයකට ඉදිරිපත් කරල තිබ්බ නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවක් ප්‍රධාන ක්‍රීඩාංගන භූමියේ නවතා තිබූ අකාරයයි. රාජකාරි නිම වෙලා එන අතරතුරදි ටිකක් හවස් වෙලා තමයි මෙතෙන්ට සෙට් උනේ. ඒකයි ටිකක් කලුවර.

මාත් දැන් සිංහල බ්ලොග් කියවනයේ...



ප්‍රථයයෙන්ම ලැබුවා වූ 2010 අලුත් අවුරැද්ද සැමට සුබදායක වේවායි කියා ප්‍රාර්ථනා කරමි!


ම‍ගෙ නම අරැණ(APN). මම මාස කීපයක්ම සිංහල බ්ලොග් කියවනය පරිශීලනය කරමින් නිහඩවම හිටියෙ . පස්සෙ මටත් හිතුන මගෙම සිංහල බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල. මාතෘකාවක් නැතිව තමයි මෙච්චර කල් බලාගෙන හිටියෙ. පස්සෙ මට හිතුන මගෙ ළඟ ලස්සන ලස්සන ෆොටෝ තියාගෙන නිකන් දුක් විඳින් නැතුව PhotoBlog එකක් පටන් ගන්න. ඒ විදිහට තමයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ. මම මුලින්ම සිංහල බ්ලොග් කියවනයට සෙට් උනේ එකේ වාට්ටුව කරන ඉන්දික අයිය නිසා. එයාට බොහොම ස්තුතිවන්ත වෙනව.

ඒ විතරක් නෙමේ 2010 අවුරැද්දෙ සිංහල බ්ලොග් කියවනයෙ මුලින්ම පළවුනේ මේ PhotoBlog එකේ පෝස්ට් එකක්. ඒ ගැනත් මම ඉතාම සතුටු වෙනව. මුලින්ම මට සෙට් උන නලියටත් පස්සෙ සෙට් උන චතුරංග, නුවන් හා පිස්සාටත් බොහොම ස්තුතියි. ඉස්සරහට තව තව දේවල් කරන්න ධෛර්යය ලැබුනා. පසුව හමුවෙමු.

කවුද මේ ..බුවා?



හොඳට බලන්න කවුද මේ ..බුවා කියල? මම නම් මීට කලින් දැකල නැහැ. මෙයා හිටියෙ අපේ ගෙදර ඉස්සරහ තියෙන ෆාම් ගහක කොළයක. කළින් දැකල නැති හින්ද දවසක් දෙකක් පොඩි චානස් එකක් දුන්න. පහුවදා බලනකොට ගහේ කොළ අතු කීපයකටම වග කියලයි තිබුණෙ. ඒ නිසාම වහාම තීරණයක් ගන්න සිදු උනා මෙයාව එතනින් ඉවත් කරන්න. ඒ වුනාට මෙයාගෙ ෆොටෝ එකක් ගන්න නම් අමතක කරේ නැහැ. මෙයාගෙ නම දන්න කෙනෙක් එහෙම ඉන්නවනම් ළඟම තියෙන කොමෙන්ට් එකෙන් පෝස්ට් එකක් දාන්න හොඳේ.



මෙයාගේ බන්කර් එක. හදිසි අවස්ථාවකදි හැන්ගෙන්න හදල තියෙන්නෙ.

මෙන්න මගේ කැමරාව



මේ ෆොටෝ එක නම් මම ගත්තු එකක් නෙවෙයි. මේක ගත්තෙ මෙතනින්. ඒ විදිහට බලපුවහම මේ මගෙ කැමරා ෆෝන් එකේ නෑයෙක් කියල කියන්නත් පුළුවන්. මේක Nokia 6500 slide එකක් කියල දන්නෝ දනිති. කැමරාවෙ විස්තර මෙහෙමයි.
  • Camera Primary 3.15 MP, 2048x1536 pixels, Carl Zeiss optics, autofocus, LED flash
  • Video Yes, VGA@15fps
  • Secondary QCIF videocall camera

මලේ නම නම් නොදනී



මම මේ ෆොටෝ එක ගත්තට මේ මලේ නම නම් හරියට දන්නෙ නැහැ. දන්න කෙකෙක් ඉන්නවනම් මටත් කියන්න.

දළදා මාළිගය



ලෝක පූජිත ලෝක උරැමයක් වෙච්ච දළදා මාළිගය මගේ ජංගම දුරකතන කාචයේ සටහන් වුනේ මේ විදිහට.

Sri Dalada Maligawa or The Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex which houses the Relic of the tooth of Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sinhalese kings and is a UNESCO world heritage site partly due to the temple.

ගඩලාදෙනිය විහාරය



පහුගිය දවසක අපි මහනුවර පැත්තෙ ට්‍රිප් එකක් ගියා. මතක හැටියට වෙසක් එකට හරි පොසොන් එකට හරි. මේ තියෙන්නෙ අපි ගඩලාදෙනිය විහාරයේ සව් කැඳ දන්සලකින් සප්පායම් වන අතරෙ නිකමට මගෙ ෆෝන් එකෙන් ගත්තු පින්තූරයක්. මම හිතුවෙ නෑ මෙච්චර දර්ශණීය විදිහට තියෙන්න ඇති කියල.

The Gadaladeniya Temple, Kandy with an ancient monastery is positioned on the flat rock at Diggala in Kandy. In accordance with an inscription, the temple was built in the year 1344 by King Buwanekabahu IV. Another inscription suggests that the name of the temple is Dharma Kirthi Viharaya, which is the name of the monk who found it. The temple is identified as Saddharmathilake by the work Nikaya Sangrahaya, while as per Saddharmalankaraya this temple was named Gadaladeniya Viharaya.

වැස්ස ළඟයි



මේ තියෙන්නෙ අවිස්සාසව්ල්ල, සීතාවකපුර කර්මාන්ත සංකීර්ණයේ තිබෙන ගාමන්ට් කර්මාන්ත ශාලාවක දි ගත්ත ඡායා රෑපයක්. මේ දර්ශන‍ය මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවුනේ පේනවා වගේම ඒ ෆැක්ටරියෙන් බැහැර කරන අප ජලය පවිත්‍ර කිරීමට හදල තියෙන පිරිපහදු පද්ධතිය උඩ ඉඳල. මට මතක හැටියට මේක ගත්තෙ 2008 මැද දිනක. තද වැස්සක් ආරම්භයට ඉතාම ආසන්නව අරන් තියෙන බව බලපු ගමන් පේනවනෙ.

ඕකිඩ් මල්



මේ තියෙන්නෙ අපි කවුරැත් ආස කරන ඕකිඩ් මල්. මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවුනේ පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යාන භූමියේ තිබිල. මට මතක හැටියට ඒ 2009 වර්ශයේ දිනක.








 

2009 ·APN PhotoBlog by APN