පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

මෙන්න මගේ කැමරාව



මේ ෆොටෝ එක නම් මම ගත්තු එකක් නෙවෙයි. මේක ගත්තෙ මෙතනින්. ඒ විදිහට බලපුවහම මේ මගෙ කැමරා ෆෝන් එකේ නෑයෙක් කියල කියන්නත් පුළුවන්. මේක Nokia 6500 slide එකක් කියල දන්නෝ දනිති. කැමරාවෙ විස්තර මෙහෙමයි.
  • Camera Primary 3.15 MP, 2048x1536 pixels, Carl Zeiss optics, autofocus, LED flash
  • Video Yes, VGA@15fps
  • Secondary QCIF videocall camera

මලේ නම නම් නොදනී



මම මේ ෆොටෝ එක ගත්තට මේ මලේ නම නම් හරියට දන්නෙ නැහැ. දන්න කෙකෙක් ඉන්නවනම් මටත් කියන්න.

දළදා මාළිගය



ලෝක පූජිත ලෝක උරැමයක් වෙච්ච දළදා මාළිගය මගේ ජංගම දුරකතන කාචයේ සටහන් වුනේ මේ විදිහට.

Sri Dalada Maligawa or The Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex which houses the Relic of the tooth of Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sinhalese kings and is a UNESCO world heritage site partly due to the temple.

ගඩලාදෙනිය විහාරය



පහුගිය දවසක අපි මහනුවර පැත්තෙ ට්‍රිප් එකක් ගියා. මතක හැටියට වෙසක් එකට හරි පොසොන් එකට හරි. මේ තියෙන්නෙ අපි ගඩලාදෙනිය විහාරයේ සව් කැඳ දන්සලකින් සප්පායම් වන අතරෙ නිකමට මගෙ ෆෝන් එකෙන් ගත්තු පින්තූරයක්. මම හිතුවෙ නෑ මෙච්චර දර්ශණීය විදිහට තියෙන්න ඇති කියල.

The Gadaladeniya Temple, Kandy with an ancient monastery is positioned on the flat rock at Diggala in Kandy. In accordance with an inscription, the temple was built in the year 1344 by King Buwanekabahu IV. Another inscription suggests that the name of the temple is Dharma Kirthi Viharaya, which is the name of the monk who found it. The temple is identified as Saddharmathilake by the work Nikaya Sangrahaya, while as per Saddharmalankaraya this temple was named Gadaladeniya Viharaya.

වැස්ස ළඟයි



මේ තියෙන්නෙ අවිස්සාසව්ල්ල, සීතාවකපුර කර්මාන්ත සංකීර්ණයේ තිබෙන ගාමන්ට් කර්මාන්ත ශාලාවක දි ගත්ත ඡායා රෑපයක්. මේ දර්ශන‍ය මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවුනේ පේනවා වගේම ඒ ෆැක්ටරියෙන් බැහැර කරන අප ජලය පවිත්‍ර කිරීමට හදල තියෙන පිරිපහදු පද්ධතිය උඩ ඉඳල. මට මතක හැටියට මේක ගත්තෙ 2008 මැද දිනක. තද වැස්සක් ආරම්භයට ඉතාම ආසන්නව අරන් තියෙන බව බලපු ගමන් පේනවනෙ.

ඕකිඩ් මල්



මේ තියෙන්නෙ අපි කවුරැත් ආස කරන ඕකිඩ් මල්. මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවුනේ පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යාන භූමියේ තිබිල. මට මතක හැටියට ඒ 2009 වර්ශයේ දිනක.








බොසාට දුන්නු තෑග්ග



මේ තියෙන්නෙ මම අන්තිමට වැඩ කරපු කොම්පැණිනයන් අස්වුන දවසෙ ‍බොසාට දුන්නු තෑග්ග. මේකට කියන්නෙ "Victory Horse" කියල. මේ අශ්වය අලංකාර, පිරිපුන් ශරීරයකින් හෙබි අතර දැඩි විශ්වාසයකින් යුතුව ජයග්‍රාහී ලෙස කකුල් දෙකෙන් නැගී සිට හේශාරවය කරන ආකාරයට තමයි හදල තියෙන්නෙ. මෙ‍මගන් සාර්ථකත්වය, ව්ජයග්‍රහණය, ශක්තිය, බලය, දරාගැනීමේ හැකියාව, වේගය හා අලංකාරත්වය සංඛේතවත් කරන "yang" ශක්තිය නිරෑපණය වන බව ෆෙංෂුයි ශාස්ත්‍රයේ සඳහන් වෙනව. අපේ බොසාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒ නිසාමද කොහෙද නිකන් අත් දෙක වන වන ගෙදර එන්නෙ නැතුව බොසාගෙ ගතිගුණ වලට හරියන තෑග්ගක් දෙන්න මට හිතුන.

ටීනා



මෙයාගෙ නම ටීනා. කොහොමද හිනාව?

බහිරව කන්ද විහාරය

දේදුණුපිටිය



මේ අපේ මාම කෙනෙක්ගෙ වත්තකට ගිය වෙලාවක මගෙ ජංගම දුරකථන කාචයේ සටහන් කරගත් දර්ශණයකි. මාමගෙ නම උපතිස්ස. එ‍යා වත්ත සුද්ද කරල හේනක් කරල තිබ්බෙ.


මද කිපුණු අශ්වයා


මේ ඉන්නෙ 'Hotel BirdsPark' එකේ අශ්වයන්ගෙන් එක් කෙනෙක්. මෙයා මගෙ ජංගම දුරකථ‍නයේ කැමරා කාචයට හසුවනකොට ටිකක් මද කිපිල හිටියෙ. ඒ නිසාම මෙයාව අ‍නිත් අයගෙන් වෙන් කරල හිටියෙ.

දර්ශණීය පිහිනුම් තටාකය


කොහොමද වතුර ටික? මේ තමයි 'Hotel BirdsPark' එකේ පිහිනුම් තටාකය. මේක පිහිටල තියෙන්නෙ කුරැණෑගල වදාකඩ ප්‍රදේශයේ කඳු මුදුනක. මේ දර්ශණය මගෙ ජංගම දුරකථ‍නයේ කැමරා කාචයට හසුවුනේ අපේ කොම්පැනියෙ වැඩකරපු අසංක මැදගෙදරගෙ විවාහ උත්සවයට සහභාගි වෙලා ආපහු කොළඔ එන අතර තුරදියි. කළමනාකාර තුමා ප්‍රකාශ කරපු විදිහට මේකෙ අයිතිකාරය මෙතන හදල තියෙන්නෙ එයාගෙ නිවාඩු ගතකරන්නලු. තව විශේෂ දෙයක් තමා මේක නිර්මාණය කරල තියෙන්නෙ පිහිටි ගලේම වීම.

රතු රෝස මල්



මේ තියෙන්නෙ අපි කවුරැත් ආස කරන රතු රෝස මල්. මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවුනේ පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ භූමියේ තිබිල. මට මතක හැටියට ඒ 2007 හෝ 2008 වර්ශයේ දිනක.


 

2009 ·APN PhotoBlog by APN