පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

අපේ මාමගේ මල් වගාව

මම මුලින්ම SBU එකේ අයගෙන් සමාව ඉල්ලන්න කැමතියි. මොකද මෙම ලිපිය මම සකසමින් ඉන්න කොට මගෙ අතින් වැරදිලා publish වුනා. නමුත් ඒකෙ කිසිවක් අන්තර්ගත වෙලා තිබුණෙ නැහැ. (ඒවෙලාවෙම ඒක සකස් කිරීමට නොහැකි වුනේ ලයිට්ගිය නිසා)
මේ තියෙන්නෙ අපේ මාම කෙනෙක්ගෙ සරුවට වැඩුණු ජර්බරා‍ වගාවකින් මගේ කැමරාවේ සටහන් වුණු වර්ණවත් මල් කිහිපයක්.


සහජීවනය

මේ ඡායා රූපය මට ලැබුණේ Group එකකින් ලැබුණු ඊමේල් එකකින්. මේක ඉන්දියාවෙ දුම්රිය මැදිරියකදි ගත්ත ඡායා රූපයක්.

වැරදීමෙන් උපදින කලාව

මේ ඡායා රෑපය පසුගිය දිනක දඹුලු ගිය අවස්ථාවක මා විසින් ගනු ලැබූවක්. මා මෙහිදී නාභිගත කිරීමට උත්සාහ කළේ පසෙකින් සිටින රිලා පවුල. නමුත් වැරදීමෙන් නාභිගතවී තිබෙන්නේ කම්බි දැල. ඒකෙත් එක්තරා රටාවක් තිබෙන බව ටිකක් ඒ දෙස බලාසිටින විට පෙනෙන බව දැනුනු නිසා මෙයද POST කිරීම සුදුසු බව මට හිතුනා.


රිලව ද? කම්බිදැල ද?

බෝගන්විලා මල

බෝගන්විලා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල් ප්‍රමාණයක ඉතා ජනප්‍රිය කටු සහිත පඳුරැ ශාකයක්. මේකෙ දම් පාටින් තියෙන්නේ සාමාන්‍ය මලක යටින් කොළ පාටට පේන්න තියෙන මනිපත්‍ර. මැද තියෙන කහ පාට කොටස තමා මල.

ළඟදී පේරාදෙනිය මල් වත්ත පැත්තෙ ගිය වෙලාවක තමා මේ ඡායා රෑප මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයට සටහන් කරගත්තේ.


වෙසක් පෝදින මහියංගන චෛත්‍යය

මේපාර වෙසක් එකට අපි මහියංගනයේ යන්න තීරණය කළේ හදිස්සියෙමයි. මේ ෆොටෝ එක ගන්නකොට හවස 6.00ට විතර ඇති.



මේ ලයිට් දාන්න කළින්



මේ ලයිට් දැම්මට පස්සෙ

කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්?

පහත රූපය දිහා හොඳට බලන්න. මේක එංගලන්තයේ මොන්ටි සෝරි ළමයින්ට දීපු පොඩි බස් ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි මේ බස් එක මොන දිශාවටද ගමන් කරන්නෙ? කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්? (ළමයින් ගෙන් 90%ක්ම එකම උත්තරයක් දීල තිබුණෙ.)

කොහොමද කෑම.... අති විශිෂ්ඨයි???

මම හිතන්නෙ මේ නම් ශ්‍රී ලංකාවෙ වෙන්න බැහැ. මොකද ශ්‍රී ලංකාවෙ කැන්ගරැවො නැහැනෙ. මේ ඡායා රෑප වල ඉන්නෙ කැන්ගරැවෙක්ව ගොදුරක් කරගන්න තඩි පිඹුරෙක්. මට මේ ඡායා රෑප ලැබුනෙ මගෙ යාළුවෙක්ගෙන්.කොහොමද කෑම.... ???







 

2009 ·APN PhotoBlog by APN