පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

Toyota Vios කතා වස්තුව



මම දන්න කොම්පැණියක MD කෙනෙක් එ‍යාගෙ විශ්වාසවන්තම යාළුවෙක් අධ්‍යක්ෂ කෙනෙක් කරල රෑපෙ තියෙන Toyota Vios එකත් දීලම වැඩට ගත්ත. මෙයත් ඉතින් කොහොම කොහොම හරි බොසාගෙත් හිත දිනාගෙන සේවකයන්ගේත්, ආයතනයෙත් උන්නතියට වැඩ කරගෙන කාලයක් හිටිය. මෙහෙම ඉන්නකොට එක දවසක් උදේම සේවකයන්ට දැනගන්න ලැබුනෙ අදාළ පුද්ගලයව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයෙන් අස් කරල කියල. (හේතුව වුනේ ආයතනයේ පහළම සේවකයන්ගෙ පඩියෙ සුළු කොටසකට කාලයක් තිස්සෙ වගකීම.) බොසාගෙ නඩු විභාග කිරීමෙදි මෙයාගෙ තව තව සෙල්ලම් හෙළි වෙලා තියෙනව. ඒව මම මෙතන කියන්න යන්නෙ නැහැ. කොහොම හරි යාළුකම හින්ද පොලීසි නොගිහින් ජොබ් එකෙන් විතරක් එළියට දාල, පස්සෙ යාළුකමෙනුත් එළියට දැම්ම කියලයි ආරංචිය. දැන්නම් මේ Toyota Vios එකත් විකුණල දාල.

අදාළ පුද්ගලය ඒ ආයතනයේ වැඩකට දවසක මාවත් මේකෙ දාගෙන ගියා. ඒ වෙලාවෙ තමයි මේ ෆොටෝ එක ගත්තෙ. කොහොම හරි Toyota Vios ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගන්න.

2 comments:

දුකා said...

hafoi . .. maara kata porakne . . . bosa hoda wadak karala tiyenne . ..

January 4, 2010 at 1:14 AM
APN said...

මෙහෙමත් මිනිස්සු ලංකාවෙ ඉන්නව කියල අහල තිබ්බට මම හැබැහින් දැක්කෙ මෙතනදි තමයි.

January 4, 2010 at 10:41 PM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN